Sunday, May 22, 2011

ඉගෙන ගන්නමද පංති යන්නෙ :/

4 comments, Posted by තරංග ප්‍රේමරත්න at 4:37 PM ,
ඔන්න එක දවසක් මම පන්ති ගියාලු....... :D ඉතින් මම බස් එකේ නැගල ටවූමටම අවා..වෙනද කට්ටිටය සෙට් වෙන තැනට ගියා..මෙන්න බොලේ එතන එකෙක්වත් නෑ..මට ඉතින් මල පැනලා අයෙත් පැන්නා..හඃ හඃ මම ඉතින් මුන් ටික එනකන්ම හිටියා ඒත් මුන් නෑ..මොනවා කරන්නද මම පන්තියට ගියා..යනකොට ඒකත් පටන් අරන්..ඉතින් මම ගිහින් අයිනක ඉද ගත්තා..වට පිට බලනකොට මෙන්න අරුන් ටික මාව දාල ඇවිල්ල.. :( හිත හදාගෙන ඉදගෙන හිටියා.. ( අර කියන්නේ "තම හිසට තම අතමය සෙවනැල්ල කියලා" ) මම තනියම සර් කියපුවා පැය 3ක්ම ලිව්වා..ඔහොම ටික වෙලාවක් යනකොට මම ඉතින් පොඩ්ඩක් බන්කුවෙ ඔලූව තියාගෙන ලිව්ව..මෙන්න එක පාරටම සර් කියපි.." ඉලන්දරියා මොකද ඔය..නිදියන්නද පන්ති එන්නේ " කියලා.. මට ඉතින් හීන ලොකේ මල් වෙනුවට දවල් තරු පෙනුනා.. :D තව තව පොඩි පොඩි දේවල් ;)කියලා..මගෙ නෝට් 1ක ඉල්ලුවෙ නැද්ද බලන්න..මම ඉතින් ඔක්කොම ලියපු නිසා වැඩර් වගේ නෝට් එක දුන්නා බලන්න.. ඊට පස්සෙ මෙන්න බොලේ ඇහුවෙ නැද්ද "තමුසෙ මොනාද මෙ ලියලා තියෙන්නෙ කියලා....(මට කියන්නත් හිතුනා ලියලා තියෙන්නෙ අකුරු කියලා ;) මම ඉතින් වහගෙන හිටියා මගෙ කට..) නෝට් 1ක බලල මට ආපහු දෙයි කියලා මම හිතුවෙ ඒත් වුන දේ මතක් වෙද්දි නින්ද යන්නෙත් නෑ :D වුන දේ ඔයාලම බලාගන්නකෝ :(


මට ඉතින් කරගන්න දෙයක් නැති වුනා.. සද්ද නැතුව ඉදගත්තා...කෙල්ලො එබි එබි.. බැලුවා..විලි ලැජ්ජාවේ බෑ.....මොනා කරන්නද........අවසානෙට කා දිහවත් නොබල ගෙදර අවා.. :D

Saturday, May 21, 2011

කඩ ඉම..........

2 comments, Posted by තරංග ප්‍රේමරත්න at 3:47 PM ,

ජීවිතේ එක් ඉමක්
පහසුවෙන් පසුකලා,
මිනිත්තුව තත්පරය
දෙවන ඉම ලං කළා........
සැහැල්ලුව සුහද බව
ටිකෙන් ටික දියවෙලා
A එකක B එකක
වසන්තය හිර කළා
සිතුම් මල් පර වුණා
සිත අතරමං වුණා
සිනහ මල් නැති වුණා
කවි සිතම ගොළු වුණා
උසස්පෙල කඩ ඉමේ
ජීවිතය නැවතුණා

Thursday, May 19, 2011

ඉලන්දාරියාගේ වියෝව වෙනුවෙන් මාගේ සාතිශය සංවේගය.....

0 comments, Posted by තරංග ප්‍රේමරත්න at 3:57 PM ,
ඇත්තටම මම බ්ලොග් ලියන්න පටන් අරන් ඒ හැටි කාලයක් නෑ. ඒත් ඒ වගේම මම අදුරගන්න ගොඩක් ආසාවෙන් හිටපු කෙනෙකුත් හිටියා ඒත් අද අවාසනාවකට වගේ ඒ අය අතරෙන් මම අදුරගන්න ගොඩක් ආසාවෙන් හිටපු කෙනා මිය ගිහිල්ල කියන ඒ දුක්බර ආරන්චිය ලැබුනා.

ඉලන්දාරියා..... ෆොටෝ වලින් දැකල තිබුනට කවදාවත් හම්බවෙන්නවත් කතාකරන්නවත් මටත් අවස්ථාවක් ලැබුනෙ නෑ....
බ්ලොග් ලියන්න ආපු දවස්වල ඉදන් මම බ්ලොග් ලිව්වට වඩා කරේ කියෙව්ව එක... ඉලන්දාරිය ගැන මම දැනගත්තෙ මේ බ්ලොග් කියවීම නිසා.... එයාගෙ ජීවිතේ අවසන් කාලයෙ කන් ඇසීමට නොහැකි වුනා කියල මම දැනගත්ත.. එත් මට එයාට වචනයකින්වත් උදව් කරන්න බැරිඋන එක ගන මට අත්ටතටම දුකයි... මොනා කරන්නද....අපිට උරුම දේ මෙයයි..අපේ අවසනයත් මෙයයි....එත් ඉලන්දරියො ඔයාට ලැබුන මේ සයිබර් අවකාශයේ යලුවො හැමදාම ඔයත් 1ක ඉදීවි...මින් මතුවටත්..... ඔබට නිවන් සුව....



ඉලන්දාරියෝ ඔබට නිවන් සුව!!!!!