Monday, November 1, 2010

අඳුරු අහස...

5 comments, Posted by තරංග ප්‍රේමරත්න at 10:00 AM ,
මේක තමයි මම මුලින්ම ලියපු නිසඳැස. මේක අපේ පංතියේ ඇගයීමකට ලියපු එකක්, ඔයාලත් කියවලා බලල කොහොමද කියන්නකෝ..................





මීදුමෙන් වැසුණු හිමිදිරි උදෑසන
සුමිහිරි කුරුළු නද
නිසල මද පවන
සුවඳ හමන ලස්සන මල් වලින්
විචිත්‍රවත් වූ පියකරු වූ
සුන්දරත්වය......
කොහේ සැඟවී ගියද?

මහා අනෝරා වැස්සක් ඇදහැලෙන්නට මෙන්
සැරසුණු මේ හැන්දෑවේ
කොපමන බියකරුද......?
වේගවත් සුළඟත් සමග පැමිණෙන
භයානක හඬ
කොපමන බියකරුද......?
විහඟුන්ගේ කලබල නාදයෙන්
පිරීගිය මේ සන්ද්‍යාවේ
සුන්දරත්වයක් තිබේද?

හිමිදිරියේ මීදුමෙන් වැසී තිබූ
නිල්වන් ගුවන්තලය මෙන්
මේ බියකරු සන්ද්‍යාවේ
අඳුරුවූ අහස් තලය සුන්දර වේද?

Sunday, May 9, 2010

බඩගමුව කැලේ..

2 comments, Posted by තරංග ප්‍රේමරත්න at 4:48 PM ,
අද මම ලියන්න හිතුවා අපෙ ගෙවල් පැත්තෙ තියන පොඩි කැලෑ කෑල්ලක් ගැන. මෙක තියෙන්නෙ කුරුණෑගල, අපේ ගමට අල්ලපු වැටේ. නම "බඩගමුව"මේක රක්ෂිත වනන්තරයක් කියල තමා කියන්නෙ.මේක ඇතුලෙ වටිනා කියන පැළෑටි ගොඩා...ක් තියනව.යෝධ පුස් වැලක් එහෙමත් තියනවා.මේකෙ අක්කර 500ක් විතර තියනව.ලංකාවට ආවේනික වළිකුකුලන්, වැලිමුවො වගේ උං ඉන්නව කියල කියනව.(මමනං දන්නෙ නෑ..:)

දැං මේක සංචාරක කලාපයක් කරල තියෙන්නේ. මේ තියෙනෙ පරිසර අධිකාරියෙන් මේ කැලෑව ලස්සන කරන්න හදල තියන ජිල්මාට් එකක්.

මේක ඇතුලෙ තව හොඳ හොඳ දේවල් තියනව, මේං මෙතනින් ගිහින් බලල එන්නකෝ.
තව දෙයක් තමයි මේක අහල පහල ඉන්න මිනිස්සු මේ කැලේට කරන හානි.(ඒකෙනුත් පාඩුව අපිට, ඒ කුණු අදින්න අපිවමයි එක්කං යන්නෙ ඉස්කෝලෙන්)

හොඳට බැලුවොත් ඔයාලට පෙනෙයි මේක ලස්සනට ශේප් කරල තියනව. ඔයාලත් ඇවිල්ල බලන්න මේක මරු ස්පොට් එකක්.

Tuesday, April 6, 2010

සංදේශ

7 comments, Posted by තරංග ප්‍රේමරත්න at 12:25 PM ,
මම කලිං ලිව්ව ලිපි වලින් කිව්වෙ අපේ පරිසරයේ තියන ස්වභාවික "වල් මල්" ගැන ඒත් අද මම ටිකක් වෙනස් විදිහෙ ලිපියක් ලියන්න හිතුව.

ඔය උඩනම් ඉන්නෙ කාටුං සැලළිහිණියෙක්, ඒ උනාට මම අද ලියන්නෙ ඉස්සර කාලෙ තිබුන සංදේශ ගැන.
සංදේශයක් කියන්නේ මනාකොට සකසන ලිපියක්, ඒ කියන්නේ පණිවිඩය, අස්න, දූතය වගේ දේවල්.

සංදේශයක ප්‍රදාන කොටස් 4ක් තියනවා,
1. මේක ලියන්න හෝ කියන්න කෙනෙක් ඉන්න ඕනෙ
2. පණිවිඩයක් තියෙන්න ඕනේ(විසේසම දේ :)
3. පණිවිඩ කරුවෙකු හෙවත් ගෙනයන්නෙක්.
4. අනික තමයි පණිවිඩය ලබන්නෙක්.

තව කතන්දරයක් තමයි මෙව්ව කවදා කොහොම සිද්දවුනා කියල හරියටම කියන්න බැරිලු. සංදේශ සාහිත්‍යයේ විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන්නේ සංස්කෘත සාහිත්‍ය මගින්ය. භාරතයේ ගුප්ත රාජ්‍ය සමයේ කුමාරදාස රජු දවස විසූ කාලිදාස නම් මහා කවියා මේඝදූතය නම් දූතය කල බව සඳසන් වේ. සංස්කෘත සාහිත්‍යයේ ආදිම කාව්‍යක් වූ රාමායනයේ රාමා විසින් තම බිරිඳ සීතාවන් සොයා ලංකාවට හනුමා එවූබව සඳහන් වේ. කාලිදාස වලාකුළක් මත තම බිරිඳට පණිවිඩයක් යැවූ යක්ෂයෙක් පිළිබඳ සඳහන් වේ. කුවේරයාගේ සාපයකට ගොදුරු වූ යක්ෂයා වසරක දඬුවමකට සාමගිර කන්දට යැවූ අවස්තාවේ වියෝව සිටින තම ප්‍රියම්බිකාවට වලාකුලක් අත යවන පණිවිඩයක් මෙහි සඳහන් වේ. සිරභාරයේ සිටින ස්ථානයේ සිට බිරිඳ ජීවත්ව සිටින ස්ථානය දක්වා මෙහි විචිත්‍රවත්ව වර්ණනා කර ඇත.
ඔන්න ඔහොමලු තියෙන්නෙ :D